Saturday, April 27, 2024

General line - 0115112241

උපවාසය අත්හළ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අරලියගහ මැදුරට




වව්නියාවේ මාරාන්තික උපවාසයක නිරත වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් සාකච්ඡාවක් සදහා පෙබරවාරී 09 වනදා අරලියගහ මන්දිරයට කැදවීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසනවා.

දින හතරක් පුරා මෙම පිරිස ක්‍රියාත්මක කළ උපවාසය ඊයේ අවසන් කර ඇත්තේද එම පොරොන්දුව මතයි. එම සාකච්ඡාවේ දී නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා හා පොලිස්පතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

වර්තමාන රජය සංහිදියාව වෙනුවෙන් අවශ්‍ය සියලූ පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

යුද සමයේ අතුරුදන්වූවන් සොයාදීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව පවසමිනුයි මෙම පිරිස දින හතරක් පුරා උපවාසයේ නිරත වුණේ.