Friday, April 26, 2024

General line - 0115112241

කලින් බලය ගන්න හදන අයට ජනපතිගෙන් පණිවිඩයක්




ඇතැමුන් බලය ඉල්ලා සටන් කළ ද 2020 න් පසුව එන මැතිවරණයක දී ජනතා තීන්දුව අනුව මිස ඊට පෙර දේශපාලන බලය පිළිබඳ සිතීමටවත් කිසිවෙකුට හෝ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ මැතිවරණ සමයක දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් කළ ද පටු දේශපාලන අරමුණු පසෙකලා රජයේ වැඩපිළිවෙලට සහය දැක්වීම රටට ආදරය කරන සියලු දේශපාලඥයින්ගේ වගකීම බවයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ මොණරාගල අද (28) පැවති උත්සවයකට එක්වෙමින්.

ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිට ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

රුපියල් මිලියන තිස්එක් දහසක වියදමින් සිදු කෙරෙන මොණරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සුභ මොහොතින් අද (28) ආරම්භ කළේ කුඹුක්කන් අමුණ පරිශ‍්‍රයේදීයි.

01 02 03 04 05 06 07 08