Saturday, April 27, 2024

General line - 0115112241

සුමන්තිරන් ඝාතන තැත පිටුපස සැඟවුණු රහසක් හෙළ උරුමය හෙළි කරයි




දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර එම්.ඒ සුමන්තිරන් ඝාතන තැත පිටුපස සිටින පුද්ගලයින් වහා අනාවරණ කර ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.

එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ ප‍්‍රකාශ කළේ දේශපාලන සබඳතාද මෙම ඝාතන තැත පිටුපස ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සුමන්තිරන් මන්ති‍්‍රවරයාගේ ඝාතන තැත දෙමළ දේශපාලන පක්ෂ අතර ඇති අභ්‍යන්තර බල අරගලයක ප‍්‍රතිඵලයක් විය හැකිබවද ඔහු මෙහිදී කියා සිටියා.

සුමන්තිරන් මන්ති‍්‍රවරයා ඝාතනය කිරීමට දැරූ උත්සහයක් අනාවරණ කර ගැනීමට හැකිවූයේ මේ මස මුලදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කිලිනොච්චියේදි අත්අඩංගුවට ගනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි.

ඉකුත් මස 13 වැනිදා යාපනය සිදු කිරීමට නියමිතව තිබූ සංචාරයකදීද සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමට සැලසුම්කර තිබූ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.