Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්




ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් ඊයේ (30) පස්වරුවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කදවුරු භූමියේ දී පැවැත්වුණා.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන් විසින් ඉතා අභිමානවත් අයුරින් පිළිගනු ලැබුණු අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් ආචාර පෙළපාලිය නිරික්ෂණය කෙරුණා.

ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ දෑත් වලින් නිමවු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පුස්තකාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වුණා.

චීනදෙනිය මහා විද්‍යාලයේ 05 වසර ශිෂත්ව විභාගය සමත් සිසුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී ජනපති අතින් සිදු කෙරුණා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

1 2 3 4 5 6 7 8 9 10