Saturday, April 27, 2024

General line - 0115112241

තරංග උඩට එනවා ද නැද්ද – තරගයට පැය කිහිපයයි ..තවම තීරණයක් නෑ




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

ඒ, ඩර්බන්හිදීයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පමණ තරගය ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලූ 8 ක ජයක් හිමිකර ගත්තා.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය, එළඹෙන ජූනි මාසයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ප්‍රධාන පෙළේ කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින අවසන් එක්දින තරගාවලියයි.

මෙම තරගාවලියෙන් පසුව ජූනි මාසය දක්වා ශ්‍රී ලංකා පිලට ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග 3 ක් පමනයි.

පළමු තරගයට සහභාගි වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමම දෙවැනි තරගයටත් ක්‍රීඩා කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන අතර දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වනවා.

පළමු තරගයේදී එක්දින වරම් දිනාගත් සඳුන් වීරක්කොඩිට තවත් අවස්ථාවක් දීමට කණ්ඩායමේ කලමනාකාරීත්වය තීරණය කරන්නේ නම් දෙවැනි තරගයේදීද ඔහුට නිරෝෂන් දික්වැල්ල සමගින් ඉනිම ඇරඹීමට සිදුවනු ඇති.

එසේ නොවන්නේ නම් පළමු තරගයේදී මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වාට ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීමට සිදුවනු ඇති බවද පැවසෙනවා.

ඔවුන්ගේ අත්දැකීම් අඩු බව නිසා සාර්ථක ආරම්භයක් ලබාදීමට උපුල් තරංගට පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් දීම සම්බන්ධයෙන් ද කණ්ඩායමේ අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.