Saturday, April 27, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ඉල්ලීම අභියාචනාධිකරණයත් විසිකරයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් පනවන ලද සංක‍්‍රමණික තහනම් නියෝගය යළි බලාත්මක කරන ලෙසට කර තිබූ ඉල්ලීම එරට අභියාචනාධිකරණය ද ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

මීට පෙර ද අදාළ නියෝගය අත්හිටුවමින් එරට ෆෙඩරල් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. එම නියෝගය අවලංගු කරන ලෙසටයි අභියාචනාධිකරණය හමුවේ අදාළ ඉල්ලීම සිදුකර තිබුණේ.

ප‍්‍රධාන පෙළේ මුස්ලිම් රටවල් 4ක ජනතාවට අමෙරිකාවට ඇතුලුවීම තාවකාලිකව අවලංගු කරමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් නිකුත් කළ මෙම තහනම් නියෝගය දැඩි කතාබහට ලක්වුණා.

ඊට එරෙහිව රටවල් රැසකම විරෝධතා ද සංවිධාන කර තිබුණා.