Saturday, April 27, 2024

General line - 0115112241

ජල සැපයුමට වර්ජනයෙන් බාධා නැහැ




සේවකයන් සුළුතර පිරිසක් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක යෙදී සිටියද ජල සැපයුම බිද වැටීමට කිසිසේත් ඉඩ නොදෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් අවධාරණය කරනවා.

අදාළ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ඉදිරි දිනවලදි ජලසැපයුම අඩාල විය හැකි බව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමය මීට පෙර ප‍්‍රකාශ කළා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ විමසිමකට පිළිතුරු දෙමිනුයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ඉහත අදහස් පළ කළේ.

ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය කැදවා තිබෙනවා. ඒ, වැටුප් සහ තනතුරු පිළිබද ගැටළු කිහිපයක් පාදක කර ගනිමින්.

අදාළ වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග ඉකුත් සතියේද සාකච්ඡාවක් පැවැත්වූ බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.