Saturday, April 27, 2024

General line - 0115112241

එරාවූර් පුඤ්ඤාරාම විහාරස්ථානයේ වැඩවිසූ ජර්මන් ජාතික හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි!




සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි ජර්මන් ජාතික හිමිනමක් අභිරහස් ලෙස අපවත්වීම සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා. 
මෙලෙස අපවත්වී ඇත්තේ එරාවූර්, පුන්නකුඩාහි පුඤ්ඤාරාම විහාරස්ථානයේ වැඩවාසය කළ බව කියන 72 හැවිරිදි හිමිනමක්. 

මෙම හිමිනම නිතර නිතර මාරවිල ප්‍රදේශයට පැමිණ මෙම සංචාරක හෝටලයේ ලැගුම්ගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණ වුණා. 

ඉකුත් 13 වනදා මෙම හිමිනම සංචාරක හෝටලයට පැමිණ ඇති අතර 14 වනදා දහවල් වනතුරුත් අවදි නොවීම නිසා හෝටල් බලධාරීන් ඒ පිළිබද සොයා බලා තිඛෙනවා. 

එහිදී අදාළ හිමිනම කාමරය තුළ මියගොස් සිට ඇති බව දුටු හෝටලයේ බලධාරීන් ඒ පිළිබද පොලීසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය දැනුවත් කිරීමටද පොලීසිය කටයුතු කර තිඛෙනවා.