Saturday, April 27, 2024

General line - 0115112241

යුද අපරාධ ජාත්‍යන්තර විනිසුරුවන් සහ නඩු පවරන්නන් අවශ්‍යයි - හියුමන් රයිට් වොච්




ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහ නඩු පවරන්නන් අවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා. එහි ඔස්ටේ‍්‍රලියාව භාර අධ්‍යක්ෂ එලායින් පියර්සන් පවසන්නේ 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවට අනුව වගවීම තහවුරු කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය පියවර ගත යුතු බවයි.

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවට ශ‍්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇතත් මෙතෙක් එය නිසි පරිදි සිදුවී නොමැති බවද ඇය පවසනවා. ඇය මෙම අදහස් පළ කර ඇත්තේ එස්.බී.එස්. ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවය වෙත අදහස් පළ කරමින්. 

සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න