Friday, April 26, 2024

General line - 0115112241

මාධ්‍යවේදියාට පහරදුන් සිද්ධියට තවත් දෙන්නෙක් අල්ලයි




මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.