Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පිත්ත ඔස්ට්‍රේලියාවට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර අද (22) පැවැත්වෙන 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක උපුල් තරංග සමත් වුණා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දීමට ශ්‍රී ලංකාව තීරණය කළා.

ශ්‍රී ලංකාව පසුගිය තරග දෙකෙදීම කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට ලබා දෙමින් තරග දෙකම ජය ගත්තා. 

තරගය පැවැත්වෙන්නේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදීයි.