Friday, April 26, 2024

General line - 0115112241

බලධාරීන්ගේ පොරොන්දු ගැන තැපෑල තීරණයක් ගන්න යයි




වසර ගණනාවක සිට පවතින සිය ගැටළු සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණාත්මක සාකච්ඡාවක නිරත වීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

එහි කැඳවුම්කරු චින්තන බණ්ඩාර පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු හේතුවෙන් සේවකයින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි. 

සිය ගැටළු විසඳීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවට අමාත්‍යංශ ප‍්‍රධානීන් පොරොන්දු වුව ද එය දිනෙන් දින කල් දමමින් සිටින බවයි චින්තක බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.