Saturday, April 27, 2024

General line - 0115112241

බන්ධනාගාරයෙන් පිටතදී විමල් උපන්දිනය සමරයි




අද දින (07) තම 47 වැනි උපන්දිනය යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී සිය උපන්දිනය සමරනු ලැබුවා.

අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. 

විමල් වීරවංශ අද ගෙවමින් සිටින්නේ තම සිරගත දිවියේ 56 වැනි දිනයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී කේක් කපා සුබ පැතීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද එක්ව සිටියා. 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ, දියණිය විමාෂා සහ පුතු විභූති එක්ව සිටියා.