Saturday, April 27, 2024

General line - 0115112241

සිරිපා වඳින්න යන මහ සෙනගට පිරිසිදු කෑම දෙන්න මෙහෙයුමක්...




මස්කෙළිය නගරයේ පිහිටි සියලූම වෙළද සැල්ල ආපන ශාලා සහ නිවාඩු නිකේතන අද හදිසි පරීක්ෂාෙවකට ලක් කෙරුණාග ඒ, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂ‍කවරුන් එක්වයි.

හෙටට යෙදෙන මැදින්පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් විශාල සැදැහැවතුන් පිරිසක් ශ්‍රී පාද වන්දනාව සදහා මස්කෙලිය නගරයට පැමිණෙනවා. ඉතා අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළදසැල් හිමියන්ට සහ කල්ඉකුත් වූ ආහාර අළෙවි කළ වෙළද සැල් කිහිපයක් එහිදී හදුනා ගැණුනු අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්ත්ම‍රියාත්කමක කිරීමට නියමිතයි.

සිරිපා වන්දනාවට වැඩිම බැතිමතු පිරික් පැමිණෙන පොහොයක් ලෙස මැදින් පුන් පොහොය සැළකෙනවා.