Friday, April 26, 2024

General line - 0115112241

පොලිස් අණ නොතැකූ රථයක් 'කථානායක නිල නිවෙස ඉදිරිපිට' දිවියක් බිලිගත්  හැටි 




ශ්‍රී ජයවර්ධන පුර කථානායක නිළ නිවස අසළ රිය අනතුරකින් වයස අවුරුදු 19ක තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අඳුරේ නවතා තිබූ ලොරියක ගැටීමෙන්.

මෙම ලොරි රථය තිරිංග අකියවිමෙන් මෙලෙස නවතා ඇති බවයි  වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල අද සඳහන් කළේ.


මීට පෙර මෙම රථයට නිසිලෙස තිරිංග පද්ධතිය සවිකර වැලිකඩ පොලිසිය ට පෙන්වන ලෙස දැනුම්දී තිබුණද ඔවුන් එම අණ ද නොතකා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දෙනු ලබන උපදෙස් නොපිළිපැදීම නිසා අහිංසක තරුණයෙකු මෙලෙස දිවියෙන් සමුගත් බවයි ඔහු සඳහන් කළේ.

වැලිකඩ පොලිස් ස්ථානය විසින් රථවාහන  නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් යන පිරිසගේ    මුලිකත්වයෙන්  පැවැත්වූ ප්‍රදේශයේ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක දී මේ බව හෙළි වුණා.

මෙරට වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ  සිකුරාදා සෙනසුරාදා සහ සඳුදා දිනවල බවද වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල එහිදී සඳහන් කළා.


සවස 4.00 සිට රාත්‍රී අට දක්වා කොළඹ ප්‍රදේශයේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුවන බවයි මෙහිදී පැහැදිලි කරනු ලැබුවේ.


එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.