Friday, April 26, 2024

General line - 0115112241

විදෙස් විනිසුරුවන් ගෙන්වා ගැනීමට හැකියාවක් නෑ - මෙරට අධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල දැඩි විශ්වාසයක් තිබෙනවා - ඇමති මංගල




පවතින ව්‍යවස්තාව යටතේ ශ‍්‍රී ලංකාවට විදෙස් විනිසුරුවන් ගෙන්වා ගැනීමේ හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට අධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව තුල දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බවයි.

ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් කරුණු දැක්විමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. 

ජාත්‍යන්තරය හමුවේ ශ‍්‍රි ලංකාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා. 

ඉදිරි වසර දෙක ඇතුළත මෙරට සංහිඳියා යාන්ත‍්‍රණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.