Friday, April 26, 2024

General line - 0115112241

මන්ත‍්‍රී විමල්ගේ රුධිර පීඩනය වැඩි වෙයි




රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ රාත‍්‍රීයේ ද ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. 

බන්ධනාගාර ආරංචි පැවසුවේ මේ වනවිට මන්ත‍්‍රීවරයාගේ රුධිර පීඩනය ද ඉහළ ගොස් ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇති බවයි. මේ වනවිට දින දෙකක් ඔහු නිරාහාරව සිටිනවා. 

ජලය පානය කිරීම ද ඔහු ප‍්‍රක්ෂේප කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියේ. 

රජයේ වාහන අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. 

තමන්ට ඇප ලබා නොදීමට එරෙහිවයි ඔහු උපවාසයක් ආරම්භ කර තිබෙන්නේ.