Saturday, April 27, 2024

General line - 0115112241

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට නිදහස




වසර හයක කාලයක් රැඳවුම් භාරයේ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් අද නිදහස් කෙරුණා. ආරබි වසන්තය යනුවෙන් 2011 සිදු වූ ඊජිප්තු මහජන කැරැල්ලෙන් පසුව ඔහුට සිය බලය අහිමි වී ගියා. කලක් රෝගාතුරව සිටි ඊජිප්තු හිටපු නායකයා රඳවා සිටියේ කයිරෝ නුවර පිහිටි යුද හමුදා රෝහලකයි.

2011 සිදු වූ කැරැල්ල මර්දනය කරමින් සිය ගණනක් මිනිස් ඝාතන සිදු කළ බවටයි හොස්නි මුබාරක්ට චෝදනා එල්ල වී තිබුණේ. එහෙත් එම චෝදනාවලින් පසුව ඔහු නිදහස ලැබුවා. හොස්නි මුබාරක්ට වසර 03ක සිර දඬුවමක් නියම වූයේ මුදල්  වංචා කිරීමේ චෝදනාවකටයි. එම දඬුවම රැඳවුම් භාරයේ සිටියදීම ගෙවා දැමීමට ඔහුට සිදු වුණා.