Friday, April 26, 2024

General line - 0115112241

මහානායක හිමිගේ ශ්‍රී දේහයට ජනාධිපති අවසන් ගෞරව පුද කරයි




අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ශ්‍රී ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) දහවල් අවසන් ගෞරව දැක්වුවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර නිකායික සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේ.

මේ අතර අපවත්වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙණ ශ‍්‍රී ඥාණිස්සර මහනාහිමියන්ගේ අභාවය සම්බන්ධයෙන් අමෙරිකාව සිය ශෝකය පළ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව ප‍්‍රකාශ කළා. එමගින් ශ‍්‍රී ලංකා රජයට හා ජනතාවට සිය ශෝකය පලකරන බවයි අමෙරිකාව පවසා ඇත්තේ.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වෙනුවෙන් පෙනී සිටිමින් ශ‍්‍රී ලාංකීකයින්ගේ ජීවිත නගා සිටුවීම සඳහා උන්වහන්සේ නොපසුබට උත්සහයක නිරතවූ බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.