Friday, April 26, 2024

General line - 0115112241

බලපිටියේ රිය අනතුරකින් 15ක් රෝහලේ




බලපිටිය ජම්බුවත්ත ප‍්‍රදේශයේ දී කුඩා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබුවා. 

ඒ අතර ළමුන් දස දෙනෙකු ද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය ගසක වැදී අනතුරට ලක්වුණා. 

බරපතල තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

තුවාල ලැබූ අනෙක් පිරිස ප‍්‍රතිකාර ලබන්නේ බලපිටිය රෝහලේයි.