Friday, April 26, 2024

General line - 0115112241

කසළ මත අනාරක්ෂිත ලෙස ඇවිද යාමෙන් වළකින්න




කසළ කන්ද නාය ගිය මීතොටමුල්ල ප්‍රදේශයේ ඩෙංගු, මී උණ සහ ඉන්ෆ්ලූවෙන්සා රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ එම රෝග පැතිර යාම වැළැක්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. 

කසළ මත අනාරක්ෂිත ලෙස ඇවිද යාමෙන් හැකිතාක් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.