Saturday, April 27, 2024

General line - 0115112241

අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාල ජනපති ගැසට් නිවේදනය




අපද්‍රව්‍ය බැහැර කිරීම සියලූම පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනූව නිකුත්කර තිබෙන මෙම ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට බලාත්මකයි.

වීදියෙන් ඉවතලන කැලි කසළ, නිවාසවලින් ඉවතලන කැලි කසල හෝ එබදු වෙනත් දෑ ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ විකිණීම මෙහි සඳහන් අපද්‍රව්‍ය බැහැර කිරීම යන්නට අයත් වනවා.
 
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කාර්යයන් ඉටු කිරීම කිසිවෙකු විසින් වලක්වාලන්නේ නම් හෝ අවහිර කරන්නේ නම් නැතහොත් එසේ කිරීමට වෙනත් අය පොලඹවාලන්නේ නම් එවැන්නන් පොලිස් නිලධාරීන් විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවයි. 

මහජන ආරක්ෂක පනත යටතේ ඊට විධි විධාන සලසා තිබෙනවා. 

එවැන්නන්ට මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු පවරා විධිමත් නඩු විභාගයකයින් පසු බරපතල වැඩ සහිත සිරඳඩුවම් ලබා දිය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන්. 

මේ අතර මීතොටමුල්ල කසල කන්ද  නිසා පැන නැගී ඇති තත්ත්වයන් සම්බන්දයෙන් තවත් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. 

මෙම කසල කන්ද කඩා වැටීමෙන් නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 45ක් වටිනා නව නිවාස ලබා දීමට ද නියමිතයි.