Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් ‘කෝකිල වසන්තය‘ ඇරඹෙයි (PHOTOS)




නෙත් එෆ් එම් කෝකිල වසන්තය 2017 බක්මහ සැණකෙළිය අද දවස පුරා කන්තලේ අග්‍රාබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 

තවත් නොබෝ වේලාවකින් ආරම්භ වන පාපැදි තරගය සහ ගම හරහා දිවීමේ තරග ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා. 

මේ අතර කන්තලේ අග්‍රාබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නෙත් මෙගා ෆයර් සංගීත ප්‍රසංගයට පැමිණෙන ජනතාවගේ පහසුව සදහා අද රාත්‍රියේ විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මකයි. 

උදෑසන කාලයේද අතිරේක බස් සේවා කිහිපයක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ කන්තලේ ඩිපෝවේ කළමණාකරු ආර් එම් රත්නබණ්ඩාර සදහන් කළා. 

නෙත් එම් එම් කෝකිල වසන්තය 2017 බක්මහ සැණකෙළිය වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම, මැලිබන් බිස්කට්, වටවල තේ සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙනවා.