Friday, April 26, 2024

General line - 0115112241

වරාය අධිකාරියේ හිටපු සභාපතිට එරෙහි නඩුව යළි කැඳවයි




ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප‍්‍රියාත් බන්දු වික‍්‍රම ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ජූලි මස 13 වැනි දා විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් තුන්සිය දහනව දෙනෙකු නිසි රාජකාරියට පරිභාහිර වැඩකටයුතුවල යෙදවීම, එමගින් රුපියල් ලක්ෂ 650ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

මේ අතර හිටපු සභාපති ප‍්‍රියාත් බන්දු වික‍්‍රම හට කෙටි කාලයකට විදෙස් ගත වීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.