Friday, April 26, 2024

General line - 0115112241

කළු ජාතිකයාට වෙඩි තැබූ සුදු පොලිස් නිලධාරීන් දෙන්නා නිදහස් (VIDEO)




ඇමරිකාවේ  බැට්න්රූච් ප්‍රදේශයේ කළු ජාතිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සුදු ජාතික පොලිස් නිලධාරින් දෙදෙනා නිදහස් කිරීමට එරට අධිකරණය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය යටතේ පත් වූ නව නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව බවයි විදෙස් පුවත් වාර්තා කර තිබෙන්නේ.

පසුගිය වසරේදී මෙම කළු ජාතිකයා සිය වෙළදසැල ඉදිරිපිටදී ඝාතනයට ලක්වූ අතර, වෙඩි තැබීම සිදුවන අයුරු සී.සී.ටී.වී කැමරාවල ද සටහන්ව තිබුණා.

කෙසේ වෙතත්, ඇමරිකානු නීතිපතිවරයා කළු ජාතිකයින්ට දක්වන විරෝධය මත මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය චෝදනා කර ඇත්තේ.