Saturday, April 27, 2024

General line - 0115112241

බක්කුල මහා සෑයේ මුල්ගල් තැබීම රුවන්වැලි මහා සෑ වත්පිලිවෙත් අනුව




දුටුගැමුණු මහරජතුමන් රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීමේදි සිදු කළ වත්පිලිවෙත් හැකිතාක් අනුගමනය කරමින් බක්කුල මහා සෑයේ මුල්ගල් තැබීම සිදුකරන බව හොරණ දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉතිහාසය සිහිපත් වන අයුරින් ශ‍්‍රද්ධා ගෞරවයෙන් යුතුව එම කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී බක්කුල මහා සෑය ඉදිකිරීම් ආරම්භ කෙරෙන්නේ එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයේදීයි. නෙත් එෆ් එම් රේඩියෝව ඒ සඳහා දායකත්වය ලබාදෙනවා.