Friday, April 26, 2024

General line - 0115112241

ළාබාලතම ජනාධිපතිවරයා ප‍්‍රංශය භාර ගනියි




ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙන් මැක්‍රෝන් තේරීපත් වී තිබෙනවා. 

ඒ, ප‍්‍රතිවාදි අන්ත දක්ෂිණාංශික මරීන් ලා පේන් පරාජය කරමින්. 

මැක්‍රෝන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව සියයට 65 යි දශම 05ක්. 

ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්ෂිකාව වූ ලා පේන්ට හිමිකර ගත හැකිවූයේ සියටට 34යි දශම 05ක් පමණයි. 

මෙතෙක් ගණන් බලා අවසන් කර ඇති සියයට 93ක් වූ ඡන්දවලින් මිලියන 19 යි දශම 03ක්ම ඡන්දය ප‍්‍රකාශ කර තිබුණේ එම්මානුවෙන් මැක්‍රෝන්ට පක්ෂවයි. 

මරීනා ලා පේන්ට පක්ෂපාතීව ඡන්දය ප‍්‍රකාශ කර තිබුණේ මිලියන 10 යි දශම 04ක් පමණයි. ඒ අනුව ප‍්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස මැක්‍රෝන් ඉතිහාසගත වනු ඇති. 

ඔහුගේ වයස අවුරුදු 39ක්. එමෙන්ම 1958 වසරෙන් පසු රටේ ප‍්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා පුද්ගලයෙකු පත් වූ පළමු අවස්ථාවද මෙය වනවා.  

ඊයේ පැවැත්වුණේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන අදියරයි.