Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප් තවත් ආන්දෝලනාත්මක තීරණයක් ගනී




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් එරට එෆ්.බී.අයි හෙවත් මධ්‍යම විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා සේවයෙන් පහ කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරණයේ සිය ප‍්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින්.

කෙසේ වෙතත් ඩිමොක්ක‍්‍රටික් පක්ෂය චෝදනා කරන්නේ ට‍්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර පැවතුණු බව කියන සබඳතා සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණ එහි අධ්‍යක්ෂවරයා ධුරයෙන් පහ කිරීමට හේතු වී ඇති බවයි.