Friday, April 26, 2024

General line - 0115112241

යෝෂිත බෙහෙත් ගන්න රට යන්න අවසර ඉල්ලයි




විදේශ ගමන් තහනමකට ලක්ව ඇති යෝෂිත රාජපක්ෂ විදේශගත වීමට අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. ඒ, තමන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ රෝහලකට යාමට අවශ්‍ය බව පවසමින්.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැන ගැනීම සඳහා නඩුව මැයි මස 23 වනදා දක්වා කල් තැබීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු  ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මෙහිදී නියෝග කළේ.

සී එස් එන් ආයතනය ආරම්භ කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන චෝදනාවක් යටතේ යෝෂිත රාජපක්ෂගේ විදේශ ගමන් අධිකරණය ම`ගින් තහනම් කර තිබෙනවා.