Saturday, April 27, 2024

General line - 0115112241

ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීම සෑම විටම නොපිරිහෙලා ඉටු කරනවා - ජනපති




ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යභාරය රජය සෑම විටම නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද (19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

රණවිරු සේවා අධිකාරිය සංවිධාන කළ මෙම සැමරුම් උළෙල පැවැත්වුණේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තිස් වසරක ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දායකත්වය දුන් රණවිරුවන් යුග මෙහෙවරක් ඉටු කර ඇති බවයි. 

මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙන්ම රට වෙනුවෙන් දිවි පිදූ  රණවිරුවන්ගේ දෙමව්පියන්, බිරින්`දෑවරුන්, දූ දරුවන් ඇතුළු ඥාතීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්ද්ධතාවක් පැවැත්වීමෙන් අනතුරුවයි. සර්ව ආගමික වතාවත් සිදු කරමින් මියගිය රණවිරුවන්ට පිං පැමිණවීම ද සිදු කෙරුණා.  රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.