Friday, April 26, 2024

General line - 0115112241

ආරක්ෂකයෙකුගේ ගෙල කපා කාන්තාවක් පැහැර ගනී




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර නිවාඩු නිකේතනයකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ජර්මන් කාත්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවක්කුකරු නිවාඩු නිකේතනයට කඩා වැදී ප‍්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප‍්‍රහාරයෙන් පසු නිවාඩු නිකේතනයේ සිටි ෆින්ලන්ත ජාතික කාන්තාවක් අතුරුදන් වී තිබෙනවා. ඇය පැහැර ගැනීමට ලක්ව ඇති බවටයි ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ප‍්‍රහාරයට පැමිණි තුවක්කුකරු නිවාඩු නිකේතනයේ ආරක්ෂාවට සිටි ඇෆ්ගන් ජාතික ආරක්ෂක නිලධාරියාගේ හිසගසා ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.