Friday, April 26, 2024

General line - 0115112241

මෙරට යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් සිහිකරන්න තමිල්නාඩුවේදී බැරි වෙයි (VIDEO)




මෙරට යුද්ධයේ දී මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීමට තමිල්නාඩුවේ මරීනා වෙරළ තීරයේ සංවිධාන කර තිබූ සැමරුමක් අද (21) තහනම් කෙරුණා. 

ඒ, තමිල්නාඩු පොලිසිය විසින්. තමිල්නාඩු පොලිසිය සඳහන් කර ඇත්තේ සැමරුමට සහභාගී වන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි. 

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා තිරුමුරුගන් ගාන්ධි නමැත්තෙකුගේ ප‍්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මැයි 17 ව්‍යාපාරය පිහිටුවාගෙන තිබෙනවා.

ඊට දෙමළ සිනමා නළුවන් කිහිප දෙනෙකු ද සහය දක්වන අතර ඔවුන් අද සැලසුම් කර තිබුණේ මරීනා වෙරළ තීරයේ සැමරුම් උත්සවයක් පැවැත්වීමටයි. 

2003 වසරේ සිට මරීනා වෙරළ තීරයේ මෙවැනි විරෝධතා සහ සැමරුම් පැවැත්වීම තහනම් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව එවැනි අවස්ථාවලට සහභාගී වන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බවද එම වාර්තාවල සඳහන්.