Friday, April 26, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනය අද - අගමැති තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකී - ආණ්ඩුවට බැරි බව ඔප්පු කළා - හිටපු ජනපති කියයි




දින කිහිපයක සිට දැඩි කතාබහකට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (22) දිනයේ සිදු වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. 

ඒ අනුව පෙරවරුවේ මෙම සංශෝධනය සිදුවනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණා. 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට ද ඊයේ රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසටයි දැනුම් දී තිබුණේ. 

රාත‍්‍රී 9.15ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවැත්වුණා. 

අමාත්‍ය ධුර වෙනස් වීමට නියමිත අමාත්‍යවරුන් සමඟ එහිදී විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රවී කරුණානායක, මංගල සමරවීර හා ගයන්ත කරුණාතිලකගේ අමාත්‍ය ධුර අද සිදු කරන සංශෝධනයේ දී වෙනස් වනු ඇතැයි එහිදී ප‍්‍රකාශ කර ඇති බවයි. 

එමෙන්ම හිටපු අමාත්‍ය තිලක් මාරපනට නව අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා. 

අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පළ කර තිබූ අදහස් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. 

වැරදිකර ඇති පුද්ගලයින්ගේ අමාත්‍ය ධුර මෙම සංශෝධනයේ දී වෙනස් වනු ඇති බවට පලකර ඇති අදහස සම්බන්ධයෙන් ඔහු සමාව ගත යුතු බවටයි එහිදී අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ රවී කරුණානායක ප‍්‍රකාශ කර ඇත්තේ. 

එම අවස්ථාවේ දී අමාත්‍ය කබීර් හෂීම් දුරකතනයෙන් අමාත්‍ය මහින්ද අමරවීර අමතා තිබෙනවා. 

එහිදී තමා සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ බවයි. 

මේ අතර ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇති බව වාර්තා වනවා. 

ඒ සඳහා සියලූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙසටද දන්වා තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා. 

රට තුළ ඇත්තේ අස්ථාවර ආණ්ඩුවක් බවට මෙමඟින් පැහැදිලි වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. 

මේ අතර අද සිදුවනු ඇතැයි පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පල කරනවා. මේ, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර. 

අමාත්‍ය නවීන් දිසානායක ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්. 

බොහෝ දුරට අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු විය හැකි බවට අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ ප‍්‍රකාශ කළා. 

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ රැස් වනවා.