Saturday, April 27, 2024

General line - 0115112241

ගැටුමක් නිසා රුහුණේ පීඨ දෙකක් වසා දමයි




සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ 02 ක් දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා.

විශ්ව විද්‍යාලයිය පාලනාධිකාරිය පැවසුවේ මානව ශාස්ත‍්‍ර පීඨය සහ කළමණාකරණ පීඨය මෙලෙස වසා දමා ඇති බවයි.

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි. ඒ අනුව, අද පස්වරුව වන විට අදාළ පීඨ දෙකෙහි සියලු සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා.