Saturday, April 27, 2024

General line - 0115112241

කුවේට් ගිහින් පීඩාවින්ද 120 ක් අද ලංකාවට




කුවේට් ගෘහ සේවයට ගොස් විවිධ පීඩාවන්ට ලක් වූ කාන්තාවන් 120 දෙනෙකු අද (24) යළි මව්බිමට පැමිණෙනවා.

නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් පනස් දෙදෙනෙකු අද පෙරවරු 8.45 ට පමණ මව්බිමට පැමිණි බවයි.

ඉතිරි 68 දෙනා පස්වරු 12.40ට පමණ මව්බිමට පැමිණීමට නියමිතව තිබෙනවා. 

මේ අතර කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ පීඩාවන්ට ලක් වූ තවත් පිරිසක් එරට සුරක්ෂා නිවාසවල සිටින අතර ඔවුන් ද ඉදිරියේ දී මවිබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි විදේශ රැකියා අමාත්‍යංශය පැවසුවේ.