Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර නව ගිවිසුම් කිහිපයක්




ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්වි පාර්ශවික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයකට අද අත්සන් තැබුණා. 

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසුවයි. 

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු  සංකීර්ණයේදී මෙම සාකච්ඡාව සිදු කෙරුණා. 

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර ඒකාබද්ධ ප්‍රකාශකයකට ද මෙහිදී අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. 

ඔස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබුණා. 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේද අද පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. 

ආචාර්ය වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාරයක් ද ඊට ඇතුලත් වූණා.