Saturday, April 27, 2024

General line - 0115112241

මොරගහකන්දේ දැන් තත්ත්වය මෙන්න (PHOTOS)




අලුතෙන් ඉදිකළ මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම මේ දිනවල ක්‍රියාත්මක වන අතර අද (30) දින වනවිට ජලාශයෙන් හතරෙන් එකක් පිරි ඇති බව ව්‍යාපෘති ඉංජිනේරු ආර්. බී. තෙන්නකෝන් පැවසුවා.

අඹන් ගඟ හරහා මෙම ජලාශයට ජලය පිරවීම සිදු කෙරෙනවා.

මෙම ජලාශයේ සම්පුර්ණ ජලමට්ටම අක්කර අඩි හාරලක්ෂ හැටදෙදහසක් වන අතර පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයකින් විශාලයි.

මේ වනවිට පැවති ගම්මාන රැසක් ජලයෙන් යටවී කදු අතරින් ජලාශයේ විශාලත්වය දර්ශනය වන්නට පටන්ගෙන ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.