Saturday, April 27, 2024

General line - 0115112241

සමනල අඩවියෙන් අලුත් දියඇළි




සමනල අඩවිය වනාන්තරයේ මේ දිනවල දී අලංකාර නව දිය ඇළි රැසක් නිර්මානය වී තිබෙනවා.

මෙයින් දිය ඇළි පහක් පමණ වඩාත් සුන්දරව මේ වන විට දිස්වෙමින් පවතිනවා.

පසුගිය සමයේ පැවැති වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් සමනල අඩවියට අධික වැසි ඇද හැලීම නිසා මෙම අලංකාර දියඇළි නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට සීත ගගුලේ ද ජලය අධික බැවින් රළ පහර ප්‍රබල වී ඇති බවයි වාර්තා වෙන්නේ.