Friday, April 26, 2024

General line - 0115112241

20 යි 20 තරඟාවලියේ ජය දකුණු අප්‍රිකාවට




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කිරීමට අප්‍රිකානු කණ්ඩායම  සමත් වුණා. 

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලූ 08ක් දැවී ලකුණු 174ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 20 නිමා වන විට කඩුලූ 06ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණයි. 

රෝයි පන්දු 45කදී ලකුණු 67ක් වාර්තා කළ ද එය එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ. 

දෙරට අතර පැවති පළමු 20 යි 20 තරගය ජය ගත්තේ එංගලන්ත කණ්ඩායමයි. 

ඒ අනූව තරග 03කින් සමන්විත මෙම 20 යි 20 තරඟාවලිය එකට එකක් ලෙස සම වී තිබෙනවා.