Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්තයේ රාමසාන් සමරමින් සිටි පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වදී (VIDEO/PHOTOS)




එංගලන්තයේ නිව්කාසල් ප‍්‍රදේශයේ දී මෝටර් රථයක් පිරිසක් අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනෙකු ළමුන්. 

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ක‍්‍රීඩා සංකීර්ණයක් ආසන්නයේයි. 

රාමසාන් සැමරීම සඳහා ඊට පැමිණි පිරිසක් අතරට මෝටර් රථය ධාවනය කර ඇති බවයි පැවසෙන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් හතළිස් දෙහැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැණුනා.
 
කෙසේ වෙතත් මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. මීට පෙර ද අවස්ථා දෙකක දී මාර්ගයේ ගමන්ගත් පිරිස් අතරට වාහන ධාවනය කරවීමේ ත‍්‍රස්ත ක‍්‍රියා එංගලන්තයෙන් වාර්තා වුණා.