Saturday, April 27, 2024

General line - 0115112241

සනත්ට තවත් අවස්ථාවක්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනූව සභාපති සනත් ජයසූරිය ඇතුළු සාමාජිකයින් 05 දෙනාගේ කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ වනු ඇති. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇති බවටයි මීට පෙර වාර්තා පළ වුණේ.

සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය ඉකුත් මස අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාලය තුළ මෙම අදහස් පළ කෙරුණා.