Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් දුන් "ඩෙංගු චැලේන්ජ්’’ එක ඉරාජ් සහ තෙවරප්පෙරුම භාර ගත් හැටි (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ සංවිධාන කරන ඩෙංගු මර්දන මෙහෙයුම යටතේ ආරම්භ කළ ‘‘නෙත් ඩෙංගු චැලේන්ජ්’’ පළමු අභියෝගය ජනප‍්‍රිය ගායකයෙකු සහ දේශපාලඥයෙකු විසින් භාර ගෙන තිබෙනවා.

එලෙස පළමු අභියෝගය ඉදිරිපත් කෙරුණේ ඉරාජ් වීරරත්නට සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමටයි.

ඊයේ දිනයේ දී මෙම අභියෝගය ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කෙරුණා. 

මෙම අභියෝගය භාර ගනිමින් ඉරාජ් වීරරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී ඔහු සඳහන් කළේ මෙම අභියෝගය තමන් සතුටින් භාර ගන්නා බවයි. ඩෙංගු නිසා රටේ විශාල ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවක එය මැඩපැවැත්වීම වෙනුවෙන් විවිධ ස්වරූපයන්ගේ වැඩසටහන් අවශ්‍ය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද මෙම අභියෝගය භාර ගත්තා. ඒ අනුව  සිය ඩෙංගු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කරන ස්ථානය අක්කර ගණනක භූමි ප්‍රදේශයක් බවත් ඔහු සඳහන් කළා. එහි මදුරුවන් බෝ විය හැකි පරිදි පරිශ්‍ර ගණනාවක් ඇති බවත් පෙන්වා දුන්නා.

මේ අතර ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ ගාල්ල නගර සභාව ද මේ වනවිට නගර සීමාවේ කාණු පද්දතිය පිරිසිදු කරමින් ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඩෙංගු මර්දනය සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කිරීමට ඔබටත් හැකියාව පවතිනවා. ඒ සඳහා සහය දැක්වීමට අප සූදානමින් සිටිනවා. 077 200 18 65 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.

----------------------------------------------

බම්බලපිටියේ ඩෙංගු මඩින වී ලීඩ් මෙහෙයුමට ‌නෙත් පවුලේ සියලු දෙනා එක් වෙයි (VIDEO)

(2017 - 07 - 12:37)

 

වී ලීඩ් ශී‍්‍ර ලංකා සංකල්පය යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සක‍්‍රියව දායක වෙමින් නෙත් එෆ් එම් රේඩියෝවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අද (05) පරිසරය පිරිසිදු කිරීමේ ක්ෂේත්‍ර මෙහෙයුම්වලට එක් වුණා.

ඒ , බම්බලපිටිය ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. මුහුදු මාර්ගය දෙපස, දුම්රිය ස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය මෙන්ම වෙරළ තීරය ද පිරිසිදු කෙරුණේ ඒ අනූවයි.

මේ යටතේ මදුරුවන් බෝවිය හැකි ප්ලාස්ටික් භාජන හා පොලිතීන් කවර ඇතුළු කැළි කසල විශාල ප‍්‍රමාණයක් වර්ගීකරණය කර විධිමත්ව බැහැර කිරීම ද සිදු වුණා.

ඉන් නොනැවතී විදිමත්ව කසළ බැහැර කිරීම හා පරිශ‍්‍ර පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් අත්පත‍්‍රිකා බෙදා දීම ද සිදු කළා. සංගීතඥ නදීක ගුරුගේ නෙත් කණ්ඩායමේ මෙම මෙහෙයුමට ප‍්‍රසාදය පල කළේ සිය දායකත්වය ද ලබා දෙමින්. 


මෙම වැඩසටහන පිළිබඳව ප්‍රසාදය පළ කරමින් බම්බලපිටිය දුම්රිය ස්ථානාධිපති කේ කේ මොහොමඩ් ද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ මෙවැනි වැඩසටහන් වැඩි වශයෙන් මේ මොහොතේ අවශ්‍ය බවයි.

 

-------------------------------------------

බම්බලපිටියේ ඩෙංගු මඩින මෙහෙයුම

2017 - 07 - 05 07:35

 

වී ලීඩ් ශී‍්‍ර ලංකා සංකල්පය යටතේ ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සක‍්‍රියව දායක වීම නෙත් එෆ් එම් රේඩියෝව දැනටමත් ආරම්භ කර තිබෙනවා.

එහි තවත් එක් ප‍්‍රධාන අදියරයක් ලෙස නෙත් එෆ් එම් රේඩියෝවේ සියලු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බම්බලපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් අද (05) පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

එහි දී පරිශ‍්‍ර පිරිසිදු කිරීම හා ජනතාව දැනුවත් කිරීම ද සිදු කෙරෙනවා. 

මේ අතර වී ලීඩ් ශී‍්‍ර ලංකා සංකල්පය සහිතව ආරම්භ කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුම යටතේ ජනතාව ලබා දුන් තොරතුරු මත ක‍්‍රියාත්මක වී ප‍්‍රදේශ රැසක ගැටළුවලට විසදුම් ලබා දීමට දැනටමත් නෙත් එෆ් එම් රේඩියෝවට හැකිවී තිබෙනවා.

එලෙස ලැබෙන තොරතුරු මත බලධාරීන්ගේ ඇස නොගැටුණු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ නිසි බලධාරීන් දැනුවත් කර එම ස්ථාන පිරිසිදු කිරීමට මැදිහත්විම ඒ යටතේ සිදු වුණා. 

වෙනත් පාර්ශවවලට චෝදනා කිරීමට හෝ විසදුම් සාකච්ඡා කිරීමට පමණක් සීමා නොවී ඩෙංගු මර්දනය සඳහා සකී‍්‍රයව සහභාගිවීමට මහජනතාව උනන්දු කරවීමයි මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙන්නේ.

ඒ යටතේ නෙත් නිවුස් අමතන බොහෝ පිරිස් ගැටළු ඇති ස්ථාන මෙන්ම ඒවාට ලබා දිය හැකි බවට විශ්වාස කරන විසදුම් ද දැනුම් දෙමින් සිටිනවා.

මෙවැනි මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් 077 200 18 65 යන අංකයෙන් තොරතුරු ලබා දීමට ඔබටත් හැකියාව පවතිනවා.