Friday, April 26, 2024

General line - 0115112241

පිරිසිදු කිරීම් දැනුවත් කිරීම් සමගින් ඩෙංගු මඩින "වී ලීඩ් ශ‍්‍රී ලංකා" පිංදෙණිය හා යටියන්තොටදී අද පැවැත්වෙනවා! (UPDATES)




නෙත් එෆ් එම් රේඩියෝව ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ ආරම්භ කළ ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ තවත් මෙහෙයුම් 02ක් අද (07) සිදු කෙරෙනවා. ඒ, කෑගල්ල පිංදෙණිය සහ යටියන්තොට යන ප‍්‍රදේශවලදීයි. නෙත් නිවුස් 
යූ ආර් අ ලීඩර් බලකායන්ගේ ද සහභාගීත්වයෙනුයි මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සංවිධාන කර තිබෙන්නේ.

පිරිසිදු කිරීම් දැනුවත් කිරීම් සමගින් පිංදෙණිය විද්‍යාචක‍්‍රවර්තී ජාතික පාසල, යටියන්තොට ආචාර්ය එන් එම් පෙරේරා ජාතික පාසල යන පාසල් මුල්කරගෙන මෙවර වී ලීඩ් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කෙරෙනවා.

කෑගල්ල පිංදෙණිය සහ යටියන්තොට යන ප‍්‍රදේශවල අද සිදු කෙරෙන මෙම ඩෙංගු මර්දන මෙහෙයුම්වලට අදාළ පළාත්පාලන ආයතන, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පොලිසිය ද එක් වනවා. 

පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමත් තෝරාගත් ප‍්‍රදේශයන්හි ගෙයින් ගෙට යමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට නිවැසියන් දිරිගැන්වීමත්, දැනුවත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදාදීමත් මෙහිදී දවස පුරාම සිදු කෙරෙනවා.

මේ අයුරින් ඩෙංගු මර්දනය සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කිරීමට ඔබටත් පුලුවන්. ඒ සඳහා සහය දැක්වීමට අප සූදානමින් සිටිනවා. 077 200 18 65 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.





































..........................................................................................................

ඩෙංගු මඩින "වී ලීඩ් ශ‍්‍රී ලංකා" පිංදෙණිය හා යටියන්තොටට අද

 

නෙත් එෆ් එම් රේඩියෝව ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ ආරම්භ කළ ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ තවත් මෙහෙයුම් 02ක් අද (07) සිදු කෙරෙනවා. ඒ, කෑගල්ල පිංදෙණිය සහ යටියන්තොට යන ප‍්‍රදේශවලදීයි. නෙත් නිවුස් 
යූ ආර් අ ලීඩර් බලකායන්ගේ ද සහභාගීත්වයෙනුයි මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සංවිධාන කර තිබෙන්නේ.

පිංදෙණිය විද්‍යාචක‍්‍රවර්තී ජාතික පාසලේ විදුහල්පති එම් ආර් රණරාජ බණ්ඩාර පැවසුවේ දරුවන් දැනුවත් කර, එමගින් ප්‍රජාව දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිත සහ සාර්ථක ක්‍රියාවක් බවයි.

නෙත් එෆ් එම් රේඩියෝව ‘‘වී ලීඩ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ ආරම්භ කළ ඩෙංගු මර්දන මෙහෙයුම රටටම පූර්වාදර්ශයක් සැපයීමක් බව යටියන්තොට ආචාර්ය එන් එම් පෙරේරා ජාතික පාසලේ විදුහල්පතිවරයා ද කියා සිටියා. සිය විද්‍යාලයීය නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය ද ඊට සහභාගී වන්නේ දැඩි  ඕනෑකමකින් බවයි විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෑගල්ල පිංදෙණිය සහ යටියන්තොට යන ප‍්‍රදේශවල අද සිදු කෙරෙන මෙම ඩෙංගු මර්දන මෙහෙයුම්වලට අදාළ පළාත්පාලන ආයතන, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ පොලිසිය ද එක් වනවා. 

පාසල් පරිශ‍්‍ර පිරිසිදු කිරීමත් තෝරාගත් ප‍්‍රදේශයන්හි ගෙයින් ගෙට යමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට නිවැසියන් දිරිගැන්වීමත්, දැනුවත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදාදීමත් මෙහිදී සිදු කෙරෙනු ඇති. 

මේ අතර ඩෙංගු මර්දනය සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කිරීමට ඔබටත් හැකියි. ඒ සඳහා සහය දැක්වීමට අප සූදානමින් සිටිනවා. 077 200 18 65 අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.