Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් විසි දෙනෙකුට ස්ථාන මාරුවීම්




පොලිස් නිලධාරීන් විසි දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

ඒ අනුව පානදුර කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් එම් එස් එස් බී රත්නායක කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස මාරුකර යවා තිබෙනවා. පුරප්පාඩු වූ පානදුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී 
පී ආර් පී සේනානායකයි.

ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන්ගේ සම්පූර්ණ නාම ලේඛන පහතින් බලන්න.