Saturday, April 27, 2024

General line - 0115112241

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගෝඨාභය හෙළි කරයි




මසක් ඇතුළත තමන් අත්අඩංගුවට ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව කියාසිටියා. 

අද පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාව වැදපුදා ගත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් බැහැදුටුවා.