Saturday, April 27, 2024

General line - 0115112241

ලන්ඩන් නුවර තවත් ගින්නක් (VIDEO)




ලන්ඩන් නුවර වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

කැම්ඩන් මාකට් නැමති වෙළඳ සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයකින් යුත් මෙම වෙළඳ සංකීර්ණය වැඩි වශයෙන් සංචාරකයින් ගැවසෙන ස්ථානයක් ලෙස හැඳින්වෙනවා.

මහල් කිහිපයකින් යුත් මෙම වෙළඳ සංකීර්ණයේ පළමු මහල් තුනේ ගින්න පැතිරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

මීට පෙරද ඉකුත් මාසයේ ලන්ඩන් නුවර පිහිටි මහල් 24ක නිවාස සංකීර්ණයක ගින්නක් හට ගත්තා. ඉන් ජීවිත සහ දේපළ හානි රැසක් සිදු වූ අතර රටම කම්පාකරවූ සිද්ධියක් බවට පත් වුණා.