Saturday, April 27, 2024

General line - 0115112241

එයාර් ඉන්දියා අලුත් තීරණයක් අරන්




මස් මාංශ සහිත ආහාර සිය ගුවන් මගීන්ට ලබා දීම නතර කිරීමට එයාර් ඉන්දියා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන්ට ද එය අදාළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පිරිවැය අවම කිරීමේ පියවරක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මින් ඉදිරියට එයාර් ඉන්දියා ගුවන් යානාවල සේවය ලබා ගන්නා පුද්ගලයින්ට ලැබෙන්නේ නිර්මාංශ ආහාර පමණයි. 

කෙසේ නමුත් මෙම තීරණයට ඇතැම් මගීන් ප්‍රසාදය පළ කළත් සමහර මගීන් විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා.