Friday, April 26, 2024

General line - 0115112241

රංගන හේරත් අදත් වාර්තා පොතට




ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර  පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (17) දෙවන ඉණිම සඳහා පන්දු යැවීමේ නිරත රංගන හේරත් කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණා. 

ඒ අනුව මෙම  තරගයේ දී රංගන හේරත් දවා ගත් මුළු කඩුලු සංඛ්‍යාව 10ක්.  

රංගන හේරත් එකම තරගයකදී කඩුලු දහයක් දවාගත් ක්‍රීඩක ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව සිටිනවා. ඒ අනුව ඔහු අනිල් කුම්බ්ලේ සමග සම තත්වයක පසු වෙනවා.