Friday, April 26, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු අවසන් කෙරේ




පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊට අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කසල කළමණාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළාත් පාලන ආයතනවල සැළසුම් සකස් කිරීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ අද (17) පැවති වැඩමුළුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.