Saturday, April 27, 2024

General line - 0115112241

ආණ්ඩුවේ 2/3 තව සති දෙකයි




ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය ඉදිරි දෙසතිය තුළ අහිමි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ එම අර්බුදකාරී තත්වය වසන් කිරීමට ආණ්ඩුව විවිධ අසත්‍ය ප‍්‍රචාර සිදු කරමින් සිටින බවයි. 

"මේ ආණ්ඩුවෙ මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කරන්නෙ අර්ජුන් මහේන්ද්‍රන්, මේ ආණ්ඩුවෙ සෞඛ්‍ය ප්‍රතිපත්තිය තීරණය කරන්නෙ නෙවිල් ප්‍රනාන්දු, මේ ආණ්ඩුවෙ අධිකරණ ප්‍රතිපත්තිය තීරණය කරන්නෙ හුසේන් කුමාරය, මේ ආණ්ඩුවෙ ආරක්ෂක ප්‍රතිපත්තිය තීරණය කරන්නෙ එල්ටීටීඊ ඩයස්පෝරාව" බව පවසන මන්ත්‍රීවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වීමට තවත් කල් ගත යුතු නැතැයි ද පවසනවා.

"තවදුරටත් කල් අරින්න ඕන නැහැ. ශ්‍රීලනිප මන්ත්‍රීවරු දෙසැම්බර් වෙනකම් ඉන්න ඕන නැහැ. සැප්තැම්බර් 02 පක්ෂයේ අත්පත්තිය සිද්ධ වෙච්ච දවසෙ ආණ්ඩුවෙන් එළියට එන්න. මේක යූඇන්පී ආණ්ඩුවක්. මේක ඇතුළෙ තවත් හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නෙ අලිය ගිල්ල දිවුල් ගෙඩියට වෙච්ච දේයි."